කොවිඩ්වලට වඩා දරුවෝ සිය දිවි නසාගෙන මැරෙනවා…! ගුරු වර්ජනය රාජ්‍ය බලය යොදා මර්දනය කර පාසල් විවෘත කරනු….! – එස්.බී.

October 15, 2021 at 8:48 pm | by emanisa.lk

පහුගිය මාස තුනේ ලෝකයේ 04 වන තැනට මරණ සිදුවන්නේ සියදිවි නසාගැනීම් නිසා බවත් කොවිඩ් නිසා සිදුවන මරණ ඇත්තේ 07 වන තැනට බවත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී එස්.බී. දිසානායක පවසයි.

මෙලෙස සියදිවි නසාගන්නා බහුතරයක් දරුවන් බවත් ලෝකයේ සුප්‍රකට වෛද්‍ය විශේෂඥයින් සහ මහාචාර්යවරුන් 6000ක් පාසල් නොවසන ලෙස ඉල්ලා සිටියේ ඒ නිසා බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

ආණ්ඩුවේ තීරණයට එරෙහිව කිසියම් වෘත්තීය සමිතියක් දිගින් දිගට ම වැඩවර්ජන සිදුකරන්නේ නම් එය රාජ්‍ය බලය යොදවා මර්දනය කළ යුතු බව ද හෙතෙම ප්‍රකාශ කරයි.

එලෙස විරෝධතා මර්දනය කර සිරිමා රජය, ජේ.ආර්. රජය, ප්‍රේමදාස රජය සිය රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ බව ද ඔහු අවධාරණය කරයි.

එසේ නොමැතිව සිංගප්පූරුව, මැලේසියාව, චීනය මෙන් දියුණු රටක් කිසි දිනක අපට ගොඩනැඟිය නොහැකි බව එස්.බී. දිසානායක සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *