වැඩවර්ජන ව්‍යවස්ථාවෙන් ම තහනම් කළ යුතුයි..! ජනාධිපතිවරයා මීට වඩා තද තීන්දු ගත යුතුයි..! – අධිකරණ ඇමැති…

January 28, 2022 at 9:06 am | by emanisa.lk

රේගුව, වරාය, ජල සම්පාදන මණ්ඩලය, විදුලිබල මණ්ඩලය සහ තෙල් සංස්ථාව රටේ ආර්ථික මර්මස්ථාන බව අධිකරණ අමාත්‍ය අලී සබ්‍රි පවසයි.

ඇමැතිවරයා අවධාරණය කරන්නේ, එම ආයතනවල වැඩවර්ජන දියත් කිරීමේ අයිතිය ව්‍යවස්ථාව මගින් ම තහනම් කළ යුුතු බවත් එම ආයතන වර්ජන දියත් කිරීම විශාල අපරාධයක් බවත් ය.

මෙම ආයතන ඉතා ම සරල කාරණාවක් උදෙසා පවා වර්ජන සිදුකරන බවටත් ඔවුන් ජනතාවගේ ජීවිත සෙල්ලමකට ගෙන ඇති බවටත් අලී සබ්‍රි චෝදනා කරයි.

එහෙයින් පොලිසියට, හමුදාවට වර්ජනය කළ නොහැකි ආකාරයට ම මෙම ආර්ථික මර්මස්ථාන වර්ජන දියත් කිරීම සපුරා තහනම් කළ යුතු බවයි, අධිකරණ ඇමැතිවරයා ප්‍රකාශ කරන්නේ.

දෙවනුව එම කණ්ඩායම් වර්ජනය කළ ද වැඩකළ හැකි ආකාරයට ක්ෂණික විහිදුම් බලකායක් නිර්මාණය කළ යුතු බවත් අලී සබ්‍රි ප්‍රකාශ කරයි.

රට ගැන කිසි ම හැඟීමක් නොමැතිව සියල්ල කඩාකප්පල් කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක බවත් ඊට එරෙහිව ජනාධිපතිවරයා මීට වඩා තදින් සිටිය යුතු බවත් හෙතෙම අවධාරණය කරයි.

ගුවන්විදුලි වැඩසටහනකට එකතු වෙමින් අධිකරණ ඇමැති අලී සබ්‍රී මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *