ලංකාව අසමත් කළ ලිත්‍රො සමාගමේ සභාපතිවරයා ඉවත්කර රේනුක පෙරේරා පත් කිරීම හා නැවතත් අදාළ සභාපතිවරයා ම පත්කිරීම පිළිබඳ සමාජයේ විවිධ අදහස් හුවමාරු වෙනවා. ඇතැමුන් මෙය රාජපක්ෂවරුන් අතර ගැටුමක් ලෙස හුවා දක්වා තිබුණා. තවත් අය පොදුජන පෙරමුණ හා ගෝඨාභය අතර ප්‍රශ්නයක් ලෙසත් දක්වා තිබුණා.
බොහෝ තැන්වල ප්‍රකාශ වූ මතය නම් රේනුක පෙරේරා පත් කළේ බැසිල් රාජපක්ෂ මහතා බවයි. නිවැරැදි විය යුතු කරුණ වන්නේ එයයි. රේනුක පෙරේරා බැසිල් රාජපක්ෂ මහතාගේ තේරීමක් නොව ජනාධිපතිතුමාගේ ම එකක් බව අවධාරණය කළ යුතුයි.
එම තේරුම මතයි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ලිත්රෝ සමාගම හිමි රක්ෂණ සංස්ථාවට රේනුක පෙරේරා සභාපති ලෙස නම් කර ලිපියක් යවන්නේ. ඒ අනුව, රක්ෂණ සංස්ථා පාලක මණ්ඩලය විසින් තෙෂාර ජයසිංහ ඉවත් කර රේනුක පෙරේරා පත් කරනවා. මා දන්නා ලෙස තාමත් එම තීරණය ඒ අයුරින්මයි තියෙන්නෙ.
සභාපතිවරයා වෙනස් කිරීම සඳහා ජනාධිපතිවරයා කටයුතු කරන්නේ ගෑස් අර්බුදය නිසා රටේ බොහෝ පිරිස් මාස ගණනාවක් තිස්සේ අපහසුතාවට පත් වීම මතයි. එය නිවැරැදි තීරණයක්. කෙසේ වෙතත්, එම තීරණය අතරමග නතර කිරීමට ජනාධිපතිවරයා ම අදහස් කරනවා.
ඒ කෙසේ වෙතත්, තෙෂාර ඉවත් කිරීමේ අදහස ද මෙන්ම ඔහු නැවත පත් කරන බවට වන අදහස ද ජනාධිපතිවරයාගේ බැවින් එය පොදුජන පෙරමුණ හා ආණ්ඩුව අතර හෝ ගෝඨාභය හා බැසිල් අතර ගැටුමක් ලෙස කිසිසේත්ම හුවා දැක්වීම කරුණු නොදැනීම මත කරන දෙයක්.
මහින්ද පතිරණ…