ලිට්‍රෝ සභාපති ඉවත් කිරීම ඉවතට..! නැවතත් සභාපති පුටුවට..!

January 13, 2022 at 5:16 pm | by emanisa.lk

ලි‌ට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ අද (13) පෙරවරුවේ එම ධුරයෙන් ඉවත් කර පැයකට පමණ පසුව නැවත පත් කරනු ලැබීය.

තෙශාර ජයසිංහ, ලිට්ට්‍රෝ සමාගමේ සභාපති ධුරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරනු ලැබූ බවත්, නව සභාපතිවරයා ලෙස රේණුක පෙරේරා පත් කරන බවත් සඳහන් කරමින් මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්. ආටිගල විසින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙත ලිපියකින් දැනුම් දෙනු ලැබීය.

ඔහු සභාපති ධුරයෙන් පමණක් නොව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ධුරයෙන්ද ඉවත් කළ බව එම ලිපියේ සඳහන්ව තිබිණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කෙරවලපිටියේ පිහිටි ලිට්රෝ සමාගමේ කර්මාන්තශාලාව නිරීක්ෂණය කිරීමට ඊයේ පෙරවරුවේ එහි ගිය අවස්ථාවේ සභාපති තෙෂාර ජයසිංහ ද පැමිණ සිටි අතර, එහි දී ජනාධිපතිවරයා තෙෂාර ජයසිංහ සභාපති ධුරයෙන් ඉවත් කිරීමේ ලිපිය ඉවත් කර ගන්නා ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ද දැනුම් දුන් බව වාර්තා විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *