ඩොලර් හොයන්න රට පුරා ඉඩම් 50ක් විදේශිකයින්ට…!

December 15, 2021 at 4:51 am | by emanisa.lk

කොළඹ ඇතුළු ප්‍රධාන නගර කිහිපයක ඉඩම් පනහක් විදෙස් ආයෝජකයින් සඳහා බදු පදනම මත ලබාදීමට රජය මේ වනවිට සැලසුම් සකස් කර තිබේ.

ඒ යටතේ ඉදිවන නව ව්‍යාපෘති 5ක් සඳහා මේ වන විටත් අවබෝධතා ගිවිසුම්වලට එළැඹ ඇති අතර සමස්ත අයෝජනවල අපේක්ෂිත ඉලක්කය අමෙරිකානු ඩොලර් බිලියන හයකි.

කොළඹ බේරේ වැව අසළ ඩී.ආර්.විජේවර්ධන මාවතේ ඉඩම් 6ක්, කොම්පඤ්ඤවීදිය පැරණි ගුවන් හමුදා මූලස්ථාන ගොඩනැගිල්ල සහිත ඉඩම, නාරාහේන්පිට, ඔරුගොඩවත්ත, දෙමටගොඩ, තුම්මුල්ල, තලවතුගොඩ ඇතුළු ප්‍රදේශවල ඉඩම් මෙන්ම ගාල්ල, මාතර, මහනුවර බෝගම්බර, නුවරඑළිය , කුරුණෑගල, යාපනය, වව්නියාව , අනුරාධපුර යන නගරවලද ඉඩම් රැසක් ඒ අතරට අයත් වෙයි.

මෙම ඉඩම්වල ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා චීනය, එක්සත් අරාබි එමීර් ,ඉන්දියාව , මැලේසියාව සහ ස්විට්සර්ලන්තය ඇතුළු රටවල් කිහිපයක ආයෝජකයින් මෙන්ම දේශීය ආයෝජකයන්ද ගිවිසුම්ගත වී තිබේ.

රජයේ උසස් නිලධාරීන්ට නවාතැන්ගැනීම සඳහා ඉදිකළ කැප්පෙටිපොල සමිට් නිවාස සංකීර්ණයද නිවාස 500ක නව ව්‍යාපෘතියක් ඉදිකිරීම සඳහා චීන ඩුබායි ඒකාබද්ධ ආයෝජකයකු වෙත ලබා දීමට නියමිතය.

– ada derana

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස