1977 ජේ.ආර්. ආණ්ඩුව ජනතාවට දුන් ඉඩම් නැවත පවරා ගනු….! එහෙම බැරි නම් ඒක මේ ආණ්ඩුවේ පරිසර විනාශයක්….! දේවානි ගම්පහින් අලුත් සටනක් අරඹයි….

March 20, 2021 at 11:04 pm | by emanisa.lk

1977 වසරේ ගම්පහ ප්‍රදේශයේ ජනතාවට බෙදා දී ඇති භූමි භාගයක් නැවත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පත්කරන ලෙස ගම්පහ අඩවි වන නිලධාරිනී දේවානි ජයතිලක ඉල්ලා තිබේ.

ඒ අද (20) නයිවල ප්‍රද්ශයේ පැවැති ගම්පහ දිස්ත්‍රික් ජීවනෝපාය කමිටු රැස්වීමේදී ය.

දේවානි ජයතිලක පවසන්නේ මෙම භූමිය 1885 මැයි 22 වනදා ගැසට් පත්‍රයකින් රක්ෂිතයක් බවට පත්කළ ලංකාවේ ප්‍රථම රක්ෂිතයේ කොටසක් බවත් ගම්පහ ඇති එක ම ස්වාභාවික කැළය මෙය බවත් ය.

කෙසේ වුව ද පසුකාලයක මෙම භූමියෙහි පටපණු සහ කපු වගා ගොවිපළක් පවත්වා ගෙන ගොස් ඇති අතර 1977 බලයට පත් එජාප ආණ්ඩුව එම ගොවිපළ වසා එහි සේවය කළ පිරිසට වන්දි ලෙස අදාළ ගොවිපළ බෙදා දී තිබේ.

ඒ අනුව 1977 සිට ජනතාව වගා කටයුතු කරගෙන නිවාස තනා ගෙන එහි ජීවත්ව ඇති අතර දේවානි ජයතිලක පවසන්නේ එම භූමියේ ජනතාව ඉවත් කර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ ඉඩම පවරා දිය යුතු බව ය.

ඒ සඳහා කටයුතු නොකිරීම පරිසර විනාශයක් බවත් ඒ නිසා ආණ්ඩුව අපකීර්තියට පත්වන බවත් දේවානි ජයතිලක එම හමුවේ දී වැඩි දුරටක් ප්‍රකාශ කළා ය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග :- “මිනිස්සුන්ට වගා කරන්න දිලා තියෙනවා නම් ඒ ඉඩම් වනජීවි එක යටතට ගන්න නැවත ගැසට් කරපු එකත් පළමුවෙන්ම වැරදියි. වගාකරන්න දුන්නා නම් දීපු මිනිස්සු වගා කරලා ඒ තැන්වල ගෙවල් හදාගෙන ජීවත්වෙන දෙන්න. ඒ මිනිස්සු එළියට දාන්න බැහැ”.

ගම්පහ අඩවි වන නිලධාරී දේවානි ජයතිලක :- සුරකිමු ගංඟා ව්‍යාපෘතිය ජනාධිපතිතුමාගේම එකක්. එතකොට ඒ අනුව ගත්තාම ඔය කෑල්ල දෙන්න බැහැ”.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස