එජාපයට ජනවාරියේ තරුණ නායකයින් පෙලක්…! සුදුසුකම හොඳ ෆේස්බුක් පරිශීලකයින් වීම…!

December 9, 2021 at 5:21 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ අනාගත දේශපාලන කටයුතු මෙහෙයවන නායකයින් හඳුන්වා දීමේ වැඩපිළිවෙළ ජනවාරි මාසයේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දුන් උපදෙස් මත උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ සෑම මැතිවරණ කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි තරුණ නායකයින් ප්‍රකාශයට පත් කරන බව එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසයි.

පශ්චාත් කොවීඩ්  සමයට ගැලපෙන ආකාරයෙන් සහ නූතන සමාජ ජාලා ප්‍රචාරක ව්‍යාපාරවලට සමගාමීව තරුණ දේශපාලන නායකයන් හඳුනාගැනීම එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, සභාපති වජර අබේවර්ධන, මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර සහ උප නායක අකිල විරාජ් කාරියවසම්ගේප්‍රධානත්වයෙන් සිදුකරයි.

විශේෂයෙන් අනාගත දේශපාලනයේ ප්‍රමුඛතම ප්‍රචාරණ මාධ්‍ය වන සමාජජාල උපරිම වශයෙන් යොදා ගැනීමට හැකි තරුණ නායකයින් කෙරෙහි ඉහත කමිටුවේ වැඩි අවධානයක් යොමුවී තිබිණි.

එක්සත් ජාතික පක්ෂය හඳුන්වා දෙන තරුණ නායකයින් ජනවාරි මාසයේ සිටම පක්ෂ දේශපාලන කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස