ගෙයි ⁣ගින්දර පිටට දෙන්න වුණේ ඇතුළේ කතා නොකළ නිසයි..! – ගම්මන්පිල…

November 1, 2021 at 8:20 pm | by emanisa.lk

ආණ්ඩුව සිය හවුල්කාර පක්ෂ සමග අභ්‍යන්තර සාකච්ඡාවක නිරත නොවූ නිසා අභ්‍යන්තර ගැටලු ඉන් පිටතදී සාකච්ඡා කිරීමට සිදු වූ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංවර්ධන අධිකාරිය ආරම්භ කිරීමේ උත්සවයේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංවර්ධන අධිකාරිය” ස්ථාපිත කිරීමේ උත්සවය බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කොළඹ දී පැවැත්වුණි.

“අපි ආයෝජනවලට විරුද්ධ නෑ. අයෝජන මේ රටට අත්‍යාවශ්‍යයි. විදේශ ආයෝජන ලබාගැනීම හරහා රටේ පවතින ටෙන්ඩර් ක්‍රියාදාමයට තියෙන මහජන විශ්වාසය පළුදු වෙනවා නම්, ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙනවා නම්, අනාගත බලශක්ති සුරක්ෂිතතාවට තර්ජනයක් වෙනවා නම්, එන්න එවැනි ආකාරයේ ආයෝජන ගිවිසුම්වලට අපි වවිරුද්ධයි. වාසනාවට සමහරු බලනවා ඇති මේ කෑගහන අය යවා ගත්තාහම කෙරෙන වැරුද්ද සද්ද නැතිව හොඳට කරගන්න පුළුවන් කියලා.”

ප්‍රශ්නය – මේ ප්‍රශ්නය ඇතිවෙලා තියෙන්නේ ප්‍රශ්නගත තත්ත්වයන් ඇතිවෙලා තියෙන නිසා ද?

“කොහෙද ප්‍රශ්න නැත්තේ ? අඹු සැමියන් අතරත් ප්‍රශ්න තියෙනවානේ. ඉතින් මේ ආණ්ඩුව කියන්නේ පක්ෂ 16ක එකතුවක්. අභ්‍යන්තර සංවාදයක් නොවුනහම තමයි ප්‍රශ්න පිටාර ගලන්නේ.”

ප්‍රශ්නය – ඉදිරි වැඩපිළිවෙළ කුමක් ද ?

“අපි ආණ්ඩුවෙන් යහපත් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙනවා. අපි දරණ තනතුරු අවදානමට ලක්කරලා තමයි අපි මේ අරගලය කරන්නේ. දැන්ටම පේන්නේ. මේ ගොල්ලෝ එළවා ගත්තොත් අපිට ඒ තනතුරු ගන්න පුළුවන් වෙයි වගේ හිතන අය යන්න යන්න කියන්නේ ඒකනේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස