යුගදනවි පාලන බලය රජයට නම් ඇමරිකාවට 40%ක් දුන්නට කමක් නෑ..! – විමල්…

September 26, 2021 at 9:03 pm | by emanisa.lk

රටේ LNG ගෑස් සැපයුම දිගුකාලීනව ඇමරිකානු සමාගමක් වෙත නතු වන්නේ නම් ඒ පිළිබඳ තමන් සංවේදී බව ඇමැති විමල් වීරවංශ පවසයි.

තමන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ඒ පිළිබඳ බවත් ඇමැතිවරයා අවධාරණය කරයි.

දැනට ගිවිසුම්ගතව ඇත්තේ යුගදනවි බලාගාරයේ මහා භාණ්ඩාගාරය සතු 60% කොටස්වලින් 40%ක් ඩො. මිලියන 250කට ඇමරිකානු සමාගමක් වෙත ලබා දීමට පමණක් බවත් විමල් වීරවංශ පෙන්වා දෙයි.

යුගදනවි බලාගාරයේ පාලන බලය තව දුරටත් රජය සතු නම් ඒ ගිවිසුම පිළිබඳ තමන්ට සලකා බැලිය හැකි බවත් අවු. 15කින් බලාගාරය අනිවාර්යෙන් රජය සතු වන බවත් ඇමැතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *