යුගදනවි ගිවිසුම රටට කෙතරම් සුබදායි ද කියලා බැසිල් පැහැදිලි කළා…! – සාගර…

October 29, 2021 at 9:44 am | by emanisa.lk

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කෙරවලපිටිය යුගදනවි බලාගාරය සම්බන්ධ ගිවිසුම පිළිබඳ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයින් දැනුම්වත් කළ බව පොදුජන පෙරමුණු මහ ලේකම් සාගර කාරියවසම් පවසයි.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින් සමග ඊයේ (28) අරලියගහ මන්දීරයේදී පැවැති සාකච්ඡාවක දී ය.

“යුගදනවි බලාගාරය පිළිබඳව සාකච්ඡා වුණා. බලාගාරය පිළිබඳ යම්කිසි පැහැදිලි කිරීමක් අවශ්‍යව තිබුණා අපේ සන්ධානයේ අනෙක් පක්ෂවල නායකයින්ට. ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විදියට බැසිල් රාජපක්ෂ මහතා ඉතා දීර්ඝ පැහැදිලි කිරීමක් කළා.

පැහැදිලිව කිව්වා මේ ටෙන්ඩර් එක කැඳවලා එකෙන් ලැබිලා තියෙන ලන්සුව LNG එකෙන් යුනිට් එකකට ඩොලර් 3යි ගාණක් වෙනවා. නමුත් මේ සමාගම ඩොලර් 1.4කට දෙන්න ලෑස්ති වෙලා තියෙනවා. ඉතින් මේ වගේ ලාබදායි දෙයක් අතහැරලා යන්නේ මොකටද කියලා.

මෙහිදී විමල් වීරවංශ මහතා ඇතුළු බොහෝ පක්ෂ නායකයින් පවසා සිටියේ යුගදනවි බලාගාරයේ කොටස් ලබාදීම සම්බන්ධයෙන් ඔවුන්ගේ විරුද්ධත්වයක් නොමැති බවයි. ඔවුන් පවසා සිටියේ, LNG සැපයුම් මාර්ගය සම්බන්ධයෙන් තමයි යම්කිසි අදහස් තිබුණේ.

බැසිල් මහතා ඒ පිළිබඳ කරුණු පැහැදිලි කරාට පස්සේ මං හිතන්නේ එතැන හිටිය හැමෝටම තේරෙන්න ඕනේ මෙය ඉතාම පාරදෘශ්‍ය ලෙස රටට සුබදායි ලෙස සිදුකරන කටයුත්තක් බව.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *