මේ දුෂ්කර වෙලාවේ නවක මන්ත්‍රීලට වාහන එපා…! බස් එකේ එන මන්ත්‍රීලට පරණ වාහනයක් හරි දෙන්න…!

May 30, 2021 at 3:52 pm | by emanisa.lk

නවක මන්ත්‍රීවරුන්ට වාහන ලබා දීමට කැබිනට් මණ්ඩලයට ‍යෝජනාවක් ඉදිරිපත් වූයේ නවක මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමක් අනුව නොවන බව මහනුවර දිස්ත්‍රික් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර පවසයි. මීට පෙර ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වූ අදහසකට අනුව මෙම කැබිනට් යෝජනාව ඉදිරිපත් වන්නට ඇති බව ඔහු පෙන්වා දෙයි.

සමස්ත රටේම ජනතාව විශාල පීඩාවකට පත්ව සිටින මෙවැනි අවස්ථාවක එවැනි වරප්‍රසාද ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන්ට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත්, රට වෙනුවෙන් ජනතාවටත් වඩා ‍දේශපාලනඥයන් කැපකිරීම් සිදුකළ යුතු බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

කෙසේ නමුත් ඇතැම් නවක මන්ත්‍රීවරුන් නිළ වාහනයක් නොමැති නිසා ඇතැම් අවස්ථාවලදී දැඩි දුෂ්කරතාවලට මුහුණ දෙන බව පෙන්වා දෙන වසන්ත යාපා බණ්ඩාර සඳහන් කරන්නෙ බස් රථවලින් ගමන් ගන්නා මන්ත්‍රීවරුන්ද සිටින බවයි. මේ නිසා එවැනි මහජන නියෝජිතයන් වෙනුවෙන් සාධාරණය ඉටුවිය යුතු බවත්, දැනට රජය සතු වාහන හෝ ඔවුන් වෙනුවෙන් ලබාදීම සාධාරණ බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *