කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හමුවේ මෙරට පුද්ගලයින්ගෙන් සියයට 48ක් දුම්පානය නවතා දමා ඇති බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි.
මෙය ඉතාමත් හොඳ ප්‍රවණතාවක් බව පෙන්වා දෙන එම මධ්‍යස්ථානය දුම්පානය අතහැර දැමූ පුද්ගලයින්ගෙන් සියයට 50ක් පමණ යළිත් දුම්පානය නොකරන බවට ප්‍රකාශ කර ඇති බව ද සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ මානව සංවර්ධන අධ්යක්ෂ සම්පත් ද සේරම් පවසා සිටියේ, කොවිඩ් වසංගත තත්ත්වයට දුම්පානය ඍජු බලපෑම් එල්ල කරන බවය.
එහි දී දුම්පානය කරන්නන් ට කොවිඩ් වැළඳීමට තිබෙන අවදානම වැඩි බවත් කොවිඩ් ආසාදනය වීමේ දී දුම්පානය කරන පුද්ගලයෙකුගේ සෞඛ්‍යයට දරුණු බලපෑම් එල්ල කිරීමටත් වැඩි හැකියාවක් පවතින බව ඔහු පවසයි.
දුම්පානය හේතුවෙන් දිනකට ලංකාවේ පුද්ගලයින් 40කට ආසන්න ප්‍රමාණයක් මිය යන බවත් පැවසු හෙතෙම මේ මොහොතේ සිට හෝ දුම්පානය නැවැත්වීම තම ජීවිතය රැක ගැනීමට අවස්ථාවක් වන බවත් කියා සිටියේය.
දුම්පානය අවම වී යන රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බවද පැවසු සම්පත් ද සේරම් මහතා, දුම්පානය වැළැක්වීම සඳහා ප්‍රතිපත්ති රැසක් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවයක් ඇති බවත් පැවසීය.
adaderana