දුම්පානය කරන්නන් කොවිඩ් වැළඳීමේ සහ මිය යාමේ වැඩි අවදානමක්….!

May 20, 2021 at 12:40 pm | by emanisa.lk

දුම්පානය කරන්නන්ට කොවිඩ් -19 වෛරසය වැළඳීම සහ මියයෑමේ හැකියාව වැඩි බව ජාතික බෝවන රෝග විද්‍යාතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසයි.

ඊයේ (19)පැවැති මාධ්‍ය හමුවක දී ඔහු ප්‍රකාශ කළේ, ප්‍රතිශක්තිකරණය සම්බන්ධයෙන් සමාජය තුළ වැරදි මත ප්‍රචාරය වෙමින් පවතින බවය.

කිරිදෙන මව්වරුන්ට කොවිඩ් ආසාදනයේ වැඩි බලපෑමක් එල්ල විය හැකි බවට අනාවරණය වී ඇතැයි ද පැවසූ වෛද්‍යවරයා, ඒ අවදානම වයස්ගත ජනතාවට ද ඇති බව අවධාරණය කළේ ය.

“විශේෂයෙන්ම 60ට වැඩි අයට, දියවැඩියාව, වකුගඩු රෝග ඇති අය විශේෂයෙන් ම මේ රෝගයෙන් ආරක්ෂාවීමට නිසි පිළිවෙත් අනුගමනය කළ යුතුයි. විවිධ මත පැතිරෙනවා විටමින් D ගන්න විටමින් C ගන්න කියලා. මේවා ගත්තා කියලා එහෙම ප්‍රතිශක්තිය වැඩිවීමක් වෙන්නේ නෑ. අවශ්‍ය වෙන්නේ නිසි ආහාර වේලක් ගන්න එක.

ඊට අමතරව වෛරසය හැදෙන්නේ ස්වසන පද්ධතියේ. ස්වසන පද්ධතියේ තියෙන ප්‍රතිශක්තිය අඩු කරන දෙයක් තමයි දුම්පානය. ඒ නිසා දුම්පානය කරන අයට වෛරසය වැළඳෙන ප්‍රමාණය හා මිය යන ප්‍රමාණය වැඩියි.”

මේ අතර කාර්යාල තුළ සේවකයන් එක්ව ආහාර ගැනීමේ දී වෛරසය ව්‍යාප්ත වීමට වැඩි ඉඩකඩක් පවතින බවg ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්යය වෛද්‍ය නීලිකා මලවිගේ අනතුරු අඟවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස