දිනකට දුම්පානයෙන් ලංකාවේ 60ක් මරුට! කාන්තාවන් 22ක් අක්‍රිය දුම්පානයට ගොදුරු වෙලා!

May 31, 2020 at 9:40 am | by emanisa.lk

සෑම වසරකදීම දුම්කොළ නිෂ්පාදන නිසා ලෝකයේ මිලියන අටක පිරිසක් මියයන බවත්, සෑම තත්පර හතරකදීම දුම්කොළ නිෂ්පාදන භාවිත කිරීමෙන් පුද්ගලයන් හතර දෙනකු මියයන බවත් දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය සමාධි වී. රාජපක්ෂ පවසයි.

ශ්‍රී ලංකාවේද දුම්කොළ භාවිතය නිසා දෛනිකව පුද්ගල මරණ 60 ක් සිදුවන බවත්, අවුරුදු 15-24 වයස් කාණ්ඩයේ පසුවන යෞවනයන් මේ වන විට දුම්කොළ කර්මාන්තකරුවන්ගේ ගොදුරු බවට පත්වී ඇති බවද සභාපතිවරයා අවධාරණය කළේය.

මෙරට කාන්තාවන්ගෙන් 22%ක් නිවෙස්වල සිටියදී අක්‍රිය දුම්පානයට යොමුවී ඇති අතර ඉන් 11%ක් අක්‍රිය දුම් පානයට යොමුව ඇත්තේ රැකියා ස්ථානවලදීය.

මැයි 31 වැනිදාට යෙදෙන ලෝක දුම්වැටි විරෝධී දිනය වෙනුවෙන් පසුගිය(28) තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස