වරාය නගර සංවර්ධන පනත සම්මත කර ගැනීම සඳහා ආණ්ඩුව හිතාමතා අලුත් අවුරුදු කොවිඩ් පොකුර නිර්මාණය කළ බව ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ ජාතික භික්ෂු පෙරමුණ පවසයි.
තක්කඩි කුහක නීච පාලකයින් විසාලා මහනුවර මෙන් ශ්‍රී ලංකාව ද මිනී කනත්තක් කිරීමට සූදානම් ව සිටින බවට එම පෙරමුණේ ප්‍රධාන ලේකම් වකමුල්ලේ උදිත හිමියෝ චෝදනා කරති.
වරාය නගර සංවර්ධන පනත හදිසියේ පාර්ලිමේන්තුවට ගෙනැවිත් සම්මත කළ විට කොවිඩ් සුව වන්නේ දැයි එහිමියෝ ප්‍රශ්න කරති.
වරාය නගර පනත සම්මත කර ගැනීමට අත ඔසවන මැති ඇමතිලා ගමට පැමිණි පසු කොස්ස ඉදල ගෙන පහර දිය යුතු බව ද එහිමියන් සඳහන් කරති.
කිසිදු වැඩකට නැති අධිවේගී මාර්ග, ජිම් සහ ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘති ආරම්භ කිරීමට ඇති හදිසි උවමනාව කුමක් දැයි උදිත හිමි විමසයි.