පවතින තත්ත්වය මත මේ ආණ්ඩුව තවත් අවුරුද්දක්වත් දුවයි ද කියා විශ්වාස කළ නොහැකි බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්රී මුජිබර් රහුමාන් සඳහන් කරයි.
69 ලක්ෂයක් ඡන්දයකින් ගෝඨාභය ජයග්රහණය කරද්දී තවත් වසර 10-15ක් එම බලයෙන් ආණ්ඩුව දුවාවි යැයි එදා තමන් බියට පත් වූ බව ද මන්ත්රීවරයා පැවසීය.
නමුත් දැන් පෙනෙන තත්ත්වය අනුව තවත් අවුරුද්දක්වත් මෙම ආණ්ඩුවට දුවන්න හැකියාවක් නැති බව ද ඔහු සඳහන් කළේ ය.
මන්ත්රීවරයා මේ වබ කියා සිටියේ වත්තේගම ප්රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි.