යහපාලන රජය යටතේ අගමැති රනිල් වික්‍රමසිංහගේ මෙහෙයවීමෙන් අරලියගහ මන්දිරයේ සිට ක්‍රියාත්මක වූ දූෂණ විරෝධී කමිටුවේ හෝ ජාතික විධායක සභාව හෝ හදිසි ප්‍රතිචාර ඒකකය යන නීති විරෝධී ආයතන කිසිවක තමා සාමාජිකයකු හෝ ක්‍රියාකාරිකයකු නොවූ බවත්, එබැවින් එම ආයතන මඟින් සිදුකරනු ලැබ ඇති අවක්‍රියාවන් සම්බන්ධයෙන් තමා ද වගකිවයුතු බවට දේශපාලන පළිගැනීම් විමර්ශන ජනාධිපති කොමිසම විසින් තමාට එරෙහිව කරනු ලැබ තිබෙන නිර්දේශ බලරහිත කරන ලෙසත් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඊයේ (24) අභියාචනාධිකරණය හමුවේ ‘රිට්’ පෙත්සමක් ගොනුු කරනු ලැබීය.
එම කොමිසම විසින් නිකුත් කරන ලද සිතාසි අනුව තමා 2020 සැප්තැම්බර් මස 28 හා ඔක්තෝබර් මස 13 වැනි දිනද පෙනී සිටිමින් සාක්ෂි ලබාදුන් බවත්, කෙසේ වෙතත් එම කොමිසම විසින් නිකුත් කොට ඇති වාර්තාව මඟින් සිදුකොට ඇති නිර්දේශ අනුව තමාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා 2021 ජනවාරි 18 වැනි දින අමාත්‍ය මණ්ඩලය තීරණයක් සම්මත කොට ඇති බවත් පවසන පෙත්සම්කරු මෙමඟින් තමාට එරෙහිව නීතිපතිවරයා විසින්ද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින්ද ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග මඟින් තමාගේ පෞද්ගලික නිදහසත්, දේශපාලන අයිතිවාසිකම් හා සිවිල් අයිතිවාසිකම්ද අහෝසි වීමට පවා ඉඩ ඇති බැවින් ඉහත නිර්දේශයන් හා අමාත්‍ය මණ්ඩල තීරණයද අත්හිටුවන ‘සර්ටියොරාරි’ හා ‘මැන්ඩාමුස්’ රිට් ආඥා නිකුත් කරන ලෙසද ඉල්ලා සිටී.
කෙසේ වුව ද මේ වන විට සමාජමාධ්‍ය වෙත මුදා හැර ඇති වීඩියෝවක ජවිපෙ නායක අනුර දිසානායක තමා සහභාගී වූ ජාතික විධායක සභාවේ දී ගත් තීන්දු තීරණ පිළිබඳ පැහැදිලි කරන ආකාරය දැකගත හැකි ය.
එම වීඩියෝව පහත දැක්වෙයි.