සිංහල භාෂාවෙන් නීතිය හැදෑරීමට හා නීති විභාගවලට මුහුණ දීමට තිබූ අයිතිය අහෝසි කර එය ඉංග‍්‍රීසි භාෂාවෙන් පමණක් සිදු කිරීමට ගෙන ඇති තීරණය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය උල්ලංඝනය කිරීමක් බැවින් අධිකරණ අමාත්‍යවරයාට හා සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සාමාජිකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා නීතිඥ අරුණ ලක්සිරි උණවටුන පොලිස්පතිවරයාට පැමිණිල්ලක් යොමු කර තිබේ.
අධිකරණ අමාත්‍යවරයාගේ එකඟතාවෙන් සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් 2020-12-30 වැනිදා නිකුත් කළ අංක 2208-13 දරන අති විශේෂ ගැසට් පත‍්‍රය මගින් රටේ ජනතාව අතර ආගමික හා වාර්ගික වෛරය ඇති කිරීමට පෙළඹවීම, ඒ සඳහා ආධාර අනුබල දීම හා අනුග‍්‍රහය දැක්වීමේ වැරදි සිදුකර ඇති බව ද 2021 පෙබරවාරි 7 වැනි දා සිදු කළ එම පැමිණිල්ල මගින් නීතිඥවරයා පෙන්වා දී තිබේ.
ශ‍්‍රී ලංකා නීති විද්‍යාලය සහ එහි අධ්‍යාපන කටයුතු 279 අධිකාරය වන 1900 අංක 2 දරන නීති අධ්‍යාපන සභා අඥාපනත මගින් පාලනය වන අතර එකී නීති අධ්‍යාපන සභාවේ සාමාජිකයන් විසින් අධ්‍යාපන භාෂාව සහ නීති විභාග පැවැත්වීමේ භාෂාව තීරණය කිරීමේ දී 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ 3 වන වගන්තිය අනුගමනය කරමින් එකී වගන්තිය උල්ලංඝනය නොවන ආකාරයෙන් කටයුතු කළ යුතු බවද නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා සිය පැමිණිල්ල මගින් දන්වා තිබේ.
මහෙස්ත‍්‍රාත් (අධිකරණවල) නඩු ඉංග‍්‍රීසි භාෂාවෙන් පමණක් පැවැත්වීමට ක‍්‍රියාකර සිංහල ජනතාව වෙනස් කර සැලකීමට එදිරිවාදිකම් ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවලට යොමු කරන ආගමික හා වාර්ගික වෛරය ඇති කිරීමට තැත් කිරීමේ වරද අධිකරණය අමාත්‍යවරයා ප‍්‍රමුඛ සහ නීති අධ්‍යාපන සභාව සිදුකර ඇති බව ද නීතිඥ අරුණ ලක්සිරි උණවටුනගේ පැමිණිල්ලේ දැක්වේ.