‘එක රටක් එක නීතියක්’ කියන්නේ සිංහලෙන් නීතිය ඉගනීමේ අයිතිය අහිමි කිරීම ද?

February 5, 2021 at 9:11 am | by emanisa.lk

නීති විද්‍යාල පාඨමාලා සහ විභාග ඉංගිරිසිකරණය කරමින් සිංහල බසින් නීතිය ඉගනීමට ඇති අයිතිය අහිමි කිරීමට එරෙහි විය යුතු බව නීතීඥ අරුණ ලක්සිරි උණවටුන පවසයි.

“එක රටක් – එක නීතියක් කියන්නෙ නිදහස් අධ්‍යාපනයේ පුරවැසියන්ට ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිංහල භාෂාවෙන් නීතිය ඉගෙනීමට ගරු සිරිමාවෝ බණ්ඩාරනායක ලබා දුන් ගරු ජේ.ආර්. ජයවර්ධන ආරක්ෂා කළ අයිතිය අහිමි කිරීමද?

නිදහස් අධ්‍යාපනයේ දරුවන් එංගලන්තය, ස්කොට්ලන්ත, අයර්ලන්ත බැරිස්ටර්ලාට යටත් කරවන, ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිංහල භාෂා අයිතිය අහිමි කරන සංස්ථාගත නීති අධ්‍යයන සභාවේ සහ මුස්ලිම් අධිකරණ ඇමතිවරුන්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී සැලසුම් පරදවමු.

ගරු සිරිමා බණ්ඩාරනායක 1970 සමගි පෙරමුණු ආණ්ඩුව නිදහස් අධ්‍යාපනයේ පුරවැසියන්ට ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිංහල මාධ්‍යයෙන් ඉගෙන නීතිඥවරුවීමට ලබා දුන් අයිතිය රැක ගනිමු.”

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස