කොහොමත් දෙන්න හිටියේ බටහිර ජැටිය ම තමයි….! – වරාය සභාපති…

February 4, 2021 at 6:39 pm | by emanisa.lk

දැනට චීනය භාවිත කරන ජැටිය මෙන් ම පෞද්ගලික ආයෝජන ලබා ගෙන ගොඩනැඟීමට සැලසුම් කර තිබුණේ බටහිර පර්යන්තය බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති දයා රත්නායක පවසයි.

නැඟෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ ඉදිකිරීම සඳහා සැලසුම් කර තිබූ බවත් සභාපතිවරයා අනාවරණය කළේ ය.

සියලු ප්‍රශ්න ඇති වූයේ පසුගිය රජය මගින් සිදුකළ පටලැවිලි නිසා බව පෙන්වා දුන් සභාපති රත්නායක වැඩි දුරටත් සඳහන් කළේ එම පටලැවිලි නොවන්නට මේ වන විට නැඟෙනහිර පර්යන්තය සම්පූර්ණයෙන් සාදා නිමකර අවසන් බව ය.

2022 මැද භාගය වන විට නැඟෙහිර පර්යන්තයේ 2 වන නැංගුරම්පොළ ඉදිකරන බවත් 2023ට පෙර එම පර්යන්තයේ කටයුතු සම්පූර්ණයෙන් නිම කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු අවධාරණය කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස