ආණ්ඩුවට ඕන බටහිර ජැටිය විකුණන්න…! නැ. ජැටිය දෙනවා කියල කළේ රඟපෑමක්…! – ජවිපෙ…

January 31, 2021 at 5:01 pm | by emanisa.lk

වර්තමාන ආණ්ඩුව බලයට ගෙන ඒමට කටයුතු කළ පිරිස නැඟෙනහිර ජැටිය ඉන්දියාවට දීමට මෙතරම් විරුද්ධ ඇයි දැයි තමන් කල්පනා කළ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි.

ආණ්ඩුවේ සැබෑ උවමනාව වී ඇත්තේ නැඟෙනහිර ජැටිය පෙන්වා සමස්ත විරෝධය ඊට ගොනු කර බටහිර ජැටිය ලබා දීම බවත් ඔහු සඳහන් කරයි. ඒ වෙනුවෙන් වෘත්තීය සමිති ද කටයුතු කරමින් ඇතැයි ඔහු අනාවරණය කරයි.

මේ වන විට වෘත්තීය සමිතිවලින් ද අනුකමිටුවෙන් ද නැඟෙනහිර ජැටිය දෙන්න එපා බටහිර ජැටිය දෙන්න යැයි යෝජනා වී ඇති බවත් ආණ්ඩුවේ අරමුණ එය බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

sorry කවුද දැනුම්? සම්මන්ත්‍රණයට එකතු වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *