මුල් දිනයේ ම කොරෝනා එන්නත 5132කට…! 963 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහලින් නික්මෙයි….!

January 29, 2021 at 6:31 pm | by emanisa.lk

කොවිඩ් එන්නත් ලබා දීම ආරම්භ කළ අද හවස 5.45 වන විට 2526 දෙනෙක් සඳහා එහි පළමු මාත්‍රාව ලබා දුන් බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් පවසයි.

කෙසේ වුව ද දවස අවසානය වන විට තෝරාගත් රෝහල් 06ක දී 5132 දෙනෙකුට අදාළ එන්නත ලබා දුන් බව IDHහි ප්‍රතිකාර ලබන සෞඛ්‍ය ඇමැතිනිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මෙලෙස පළමු මාත්‍රාව ලබා දීම සිදුවූයේ සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ ඇතුළු කොරෝනා මර්දන සටනෙහි ඉදිරිපෙළ කටයුතු කරන පිරිසින් කොටසකට ය.

මේ අතර කොරෝනා එන්නත් ලබා දීම ආරම්භ කරන අද වන විට ආසාදිතයින් 963 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. මේ අනුව සම්පූර්ණ සුවපත් පිරිස 55 398 දක්වා ඉහළ යයි.

රෝහල්වල තව දුරටත් ප්‍රතිකාර ලබන පිරිස 5891කි. සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 61 586ක් වන අතර ඉන් 89%ක් දැනටමත් සුවපත් වී ඇති අතර සිදු වූ කොරෝනා ආශ්‍රිත මරණ සංඛ්‍යාව 297කි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස