කොරෝනා ආසාදිතයින්ගෙන් ගම්පහ රෝහල් පිරේ…! ආසාදිතයින් 200ක් තවමත් නිවෙස්වල…!

January 28, 2021 at 3:38 pm | by emanisa.lk

ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිත රෝගීන් 200කට ආසන්න පිරිසක් ඊයේ (27) පස්වරුව වන විටත් රෝහල්වලට රැගෙන ගොස් නොතිබූ බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

රෝහල් හා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඉඩකඩ නොමැතිවීම හේතුවෙන් එම රෝගීන්ට නිවෙස්වල රැඳී සිටීමට සිදු වී ඇති බව ද එවැනි තත්ත්වයක් රෝගය පැතිර යාමට සහ රෝගීන්ගේ රෝග තත්ත්වය උත්සන්න වීමට හේතු විය හැකි බව ද සෞඛ්‍ය අංශ කියයි.

එම රෝගීන් සියලු දෙනාම ඉකුත් 18 වැනි දිනෙන් පසුව ආසාදිත බවට හඳුනාගත් රෝගීන් බව ද පැවසේ.

මේ පිළිබඳව කළ විමසුමක දී ගම්පහ දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කීප දෙනකුම සඳහන් කළේ රෝහල්වල හා ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඉඩකඩ ලැබෙන ආකාරයට එම රෝගීන් ඒවාට යොමුකරන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස