2015 මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරඟ වැද 5 වැනි ස්ථානයට මනාප ලැබූ පාඨලී චම්පික 2020 නැවත 5 වැනි ස්ථානයට පත් වූ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ පවසයි.
සජිත් ප්‍රේමදාස කොළඹින් මනාප ලක්ෂ 03ක් ලබා ගන්නා විට දින 52 ආණ්ඩුව පෙරළීමට ද සුවිශාල මෙහෙයක් සිදුකළ පාඨලී චම්පිකට මනාප ලැබුණේ 62 000ක් පමණක් බව ඇමැතිවරයා පෙන්වා දෙයි.
මෙලෙස දෙවරක් ම එජාපයේ මනාප ලැයිස්තුවේ 5 වැනි ස්ථානයෙන් ඉහළට යාමට නොහැකි වීම නිසා ජාතිකවාදී මතය කොළපාට සමාජයේ පැළ කළ නොහැකි බව පාඨලීි චම්පික අවබෝධ කරගත් බව ඇමති ගම්මන්පිළගේ අදහසයි.
එහෙයින් සිංහල ජාතිකවාදී හැව අරිමින් ජාතික හෙළ උරුමයෙන් ඉවත් වී තමන් තව දුරටත් සිංහල ජාතිකවාදියෙකු නොවේ යන පණිවිඩය එජාප ඡන්ද බැංකුවට ලබා දෙමින් අලුත් ආරක දේශපාලන ගමනක් ආරම්භ කළ ඔහු පෙන්වා දෙයි.
එය දේශපාලනික වශයෙන් නිවැරදි තීන්දුවක් බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේ හිරු සලකුණ වැඩසටහනට එකතු වෙමිනි.