උකුසු බිත්තර කොරෝනා පැණිය ඇමැති දයාසිරිට…! කොරෝනා නෙගටිව් PCR වාර්තාව දින තුනකින් රටට ම…!

January 10, 2021 at 3:34 pm | by emanisa.lk

කොරෝනා වෛරස් රෝගය සුවපත් කිරීමට තමා නිෂ්පාදන කළ ඖෂධය ඇමැති දයාසිරි ජයසේකරගේ බිරිඳට ලබා දුන් බව රිටිගල වෙද පරපුරේ දේශීය වෛද්‍ය දේවින්ද ලක්සිරි රණසිංහ පවසයි.

මේ වන විට ඇමැති දයාසිරි නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබන අතර පවුලේ පිරිස නිවසේ නිරෝධායනය වෙයි.

අදාළ ඖෂධය ඇමැතිවරයාගේ බිරිඳ ඇමැතිවරයාට ලබා දෙනු ඇති බවත් දින තුනක් ඖෂධය ලබා ගෙන PCRවාර්තාව ලෝකයට ඉදිරිපත් කරන ලෙස ද ඔහු ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටියේ ය.

මෙම ඖෂධය සඳහා උකුසු බිත්තර සහ ගංජා ද යොදා ගත් බව ඔහු මෙයට පෙර සඳහන් කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *