දයාසිරි පොසිටිව් වුණාට හරීන් නැවතත් නෙගටිව්…! PCR වාර්තාව මෙන්න….!

January 8, 2021 at 9:23 pm | by emanisa.lk

තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව අද තමා ස්වේච්ඡාවෙන් සිදුකළ PCR පරීක්ෂණයේ දී තහවුරු වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසයි.

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරට කොරෝනා ආසාදිත බව අද අනාවරණය වූ අතර පසුගිය දා සාදයකට සහභාගී වී හරීන් ප්‍රනාන්දු මෙන් ම ඇමැති විමල් වීරවංශ ද ඇමති දයාසිරි සමඟ එකට වේදිකාවේ ගීත ගායනා කර තිබිණි.

තමන්ට වෛරසය ආසාදනය වී නොමැති බවත් ඇමැති දයාසිරිට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත් හරීන් ප්‍රනාන්දු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබේ.

මෙයට පෙර අවස්ථාවක ද හරීන් ප්‍රනාන්දු ස්වේච්ඡාවෙන් PCR පරීක්ෂණයක් කරගත් අතර එහි දී ද ඔහුට වෛරසය ආසාදිත නොමැති බව හෙළි විය.

ඇමැති විමල් වීරවංශ ද PCR පරීක්ෂණයක් සඳහා සූදානමින් සිටින බව මෙයට පෙර වාර්තා විය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *