රවූෆ් හකීම්ටත් කොරෝනා….! දයාසිරිගේ ලේකම්වරයත් ආසාදිතයි….!

January 10, 2021 at 10:21 am | by emanisa.lk

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය රවූෆ් හකීම්ටත් කොරෝනා ආසාදනය වී ඇත.

අද (10) තමා ආසාදිතයකු බව තහවුරු වූ බවත් නිරෝධායනට යාම සඳහා සූදානමින් සිටින බවත් ඔහු අනාවරණය කරයි.

පසුගිය දින 10 තුළ තමන් සමඟ සමීපව කටයුතු කළ අයගෙන් අදාළ සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන ලෙස ද ඔහු ඉල්ලා තිබේ.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් රවූෆ් හකීම් මේ බව පවසා තිබේ.

කොරෝනා ආසාදනය වූ බව තහවුරු වූ දෙවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඔහු ය. මේ වන විට ඇමැති දයාසිරි ජයසේකරගේ පෞද්ගලික ලේකම්වරයාටත් කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස