බෙදුම්වාදයට වර්ගවාදයට හිස ඔසවන්න කිසි ඉඩක් නෑ….! – ආරක්ෂක ලේකම්….

January 2, 2021 at 7:54 pm | by emanisa.lk

බෙදුම්වාදයට සහ වර්ගවාදයට 2021 වසරේ දී හිස එසවීමට ඉඩ නොතබන බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න පවසයි.

කිසිවෙකුට ආයුධ අතට ගැනීමට ඉඩ නොතබන බවත් බන්ධනාගාරවල ඉඩ නොමැති වුව ද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නිදහස් නොකරන බව ද හෙතෙම අවධාරණය කළේ ය.

විදෙස්ගතව සිට සිදු කරන මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා කිසිදු ඉඩක් නොමැති බවත් විදෙස් රටවල සැඟව සිටි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට ඉන්ටපෝල් පොලිසියට රතු නිවේදන 18ක් යොමු කර ඇති බවත් ආරක්ෂක ලේකම්වරයා අනාවරණය කළේ ය.

ඉදිරියේ දී විදෙස්ගතව සැඟව සිටින මහ පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස