එක්සත් සංවර්ධන පෙරමුණේ සභාපති ජනක රණවක ඇතුළු එම පෙරමුණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග එක් වීමට තීන්දු කොට තිබේ.
අද (09) ඔහු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවිය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පෞද්ගලික ලේකම් ලෙස ද සේවය කළ හෙතෙම කෝට්ටේ නගරාධිපති ලෙස ද කටයුතු කළේ ය.
කලමණාකරණ පශ්චාත් උපාධිධාරීයෙක් වන ජනක රණවක වෘත්තියෙන් ගණකාධිකාරිවරයෙකි.
ශ්‍රීලනිපය මුල්කරගෙන දේශපාලනය ආරම්භ කළ ඔහු පසුගිය මහා මැතිවරණයේ දී පොදුජන පෙරමුණෙන් තරග කොට මනාප 31683ක් ලබා ගත්තේ ය.