කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පසුබෑමට ලක්ව ඇති අපේ කලාපයේ රටවල ආර්ථිකය නැවත ගොඩනැංවීම සඳහා සියලු රටවල් සමඟ සාකච්ඡා කර යාන්ත්‍රණයක් ගොඩනැංවීම සඳහා පෙරමුණ ගන්නා ලෙස ඉන්දියාව ශ්‍රී ලංකා අගමැති මහින්ද රාජපක්ෂ වෙත ආරාධනා කර තිබේ.
ඉන්දිය ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දෝවාල් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර හමුවක් ඊයේ (27) විජේරාම නිල නිවසේ දී පැවැති සාකච්ඡාවේ දී අජිත් දෝවාල් විසින් මේ ඉල්ලීම සිදුකර තිබේ.
ඒ සඳහා ඉන්දීය රජයේ පූර්ණ සහයෝගය ශ්‍රී ලංකා අගමැතිවරයාට හිමි වන බව ද එහි දී අවධාරණය කර තිබේ.
ඉන්දීය රජයේ ආධාර යටතේ උතුරේ සහ උඩරට ක්‍රියාත්මක වන නිවාස ව්‍යාපෘති දකුණේ ද ක්‍රියාත්මක කිරීමට එහි දී අගමැති මහින්ද රාජපක්ෂ සහයෝගය ඉල්ලා ඇති අතර ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නාා ලෙස අජිත් දෝවාල් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස්වරයාට දැනුම් දී තිබේ.
එසේම අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මඟ පෙන්වීම යටතේ නවීන තාක්ෂණය යොදා ගනිමින් ඉන්දියාවේ ආරම්භ කර ඇති පානීය ජල ව්‍යාපෘති හා සමාන ජල යෝජනා ක්‍රම ලංකාවේ ආරම්භ කිරීම සඳහා ද මෙම හමුවේ දී එකඟතාව පළ විය.