මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 107ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ ඊයේ කොවිඩ් මරණ 08ක් සමගින් වාර්තා වීමත් සමග ය.
ඊයේ වාර්තා වූ මරණ අතර කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිටි 70 හැවිරිදි රැඳවියෙකු ද සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කළේ ය.
මිට අමතරව කොළඹ 15, 13, 09, 10, 02 යන ප්‍රදේශවල ජිවත් වූ වයස අවුරුදු 87, 83, 78, 69, 54, 58 සහ 36 වියේ පසුවූ කාන්තාවන් සිව්දෙනෙකු හා පිරිමි පුද්ගලයින් තිදෙනෙකු කොවිඩ් ආසාදිතව මිය ගොස් ඇත.
අද දිනයේදී වාර්තා වූ මරණ 08 කින් 05ක්ම වාර්තා වී ඇත්තේ නිවෙස්වල දී වීම විශේෂත්වයකි.
මේ අතර අද දිනයේ දී කොරෝනා ආසාදිතයින් 473ක් බව කොවිඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 22,502ක් වන අතර ඉන් සුවය ලබා ඇති ආසාදිතයින් සංඛ්‍යාව 16,226ක් වනවා. මේ වන විට රෝහල් ගතව සිටින පිරිස 6,168ක් වනවා.
අද දිනය වන විට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්රිත කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 18,963ක් දක්වා ඉහළ ගොස් ඇත.