සෑම ජන කොටසකගේ අයිතිවාසිකම් රැකගත යුතුයි! කොරෝනා දේහ භූමදානයට මම සූදානම්! – ඉඩම් ඇමැති

November 15, 2020 at 3:59 pm | by emanisa.lk

කොරෝනා රෝගයෙන් මිය යන්නන් භූමිදානය කිරීමට ඉඩ දීම සම්බන්ධයෙන් තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරන බව ඉඩම් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන සඳහන් කරයි.

රටේ සෑම ජන කොට්ඨාසයකට ම තිබිය යුතු අයිතිවාසිකම් ආරක්ෂා විය යුතු බව ද අමාත්‍යවරයා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

කොවිඩ් 19 රෝගයෙන් මිය යන මුස්ලිම් ජාතිකයින් භුමිදානය කිරීමට ඉඩ දෙන ලෙස මුස්ලිම් ආගමික නායකයින් මෙන් ම අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා ද රජයෙන් කර තිබෙන ඉල්ලීමට මේ වන විට ප්‍රතිවිරෝධතා ද එල්ල වෙමින් තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *