අදත් කොරෝනා මරණ 04ක්! ලංකාවේ කොරෝනා මරණ 34යි!

November 7, 2020 at 10:37 pm | by emanisa.lk

තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන තහවුරු කරයි.

ඒ අනුව අද (07) රාත්‍රී 9.00 වන විට මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 34ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මියගොස් ඇති සිව් දෙනාගෙන් තිදෙනෙක් කාන්තාවන් වන අතර එක් අයෙකු පිරිමියෙකි. මේ සියලු දෙනා දිගු කාලයක් බෝ නොවන රෝගවලින් පීඬා විඳිමින් සිට ඇත.

මේ අතර 42 හැවිරිදි මාළිගාවත්තේ අයෙක්, 69 හැවිරිදි මාළිගාවත්තේ අයෙක්, 88 හැවිරිදි ගණේමුල්ලේ අයෙක් සහ 67 හැවිරිදි වැල්ලම්පිටියේ පදිංචිකරුවෙක් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *