බලධාරීන් නියැදි පරීක්ෂණවල වැදගත්කම පිළිගන්නේ නෑ! රටේ ඕන ම තැනක අලුත් පොකුරක් හැදෙන්න පුළුවන්! – GMOA

November 14, 2020 at 9:16 pm | by emanisa.lk

කොවිඩ් පොකුරු මතුවන්නේ අහඹු සමාජ නියැදි පරීක්ෂාව නිවරැදිව සිදු නොවීම නිසා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

සමාජයෙන් අහඹු නියැදි පරීක්ෂාව සිදුකළේ නම් මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරු බෙහෙවින් ව්‍යාප්ත වීමට පෙර හඳුනාගැනීමට හැකියාව තිබුණු බව එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කරයි.

“අහඹු සමාජ නියැදි පරීක්ෂාව හරියට සිද්ධවෙච්ච නැති නිසා තමයි එක පාරට ම තැන් තැන්වලින් පොකුරු මතු වෙන්නේ. රටක් විදිහට අහඹු නියැදිවලට අපි ගිහිල්ලා තිබුණ නම් මිනුවන්ගොඩ පොකුර දහස් ගාණකට ව්‍යාප්ත වෙනකම් යන්නෑ නේ.

වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂකවරයා ඊයේ කරපු ප්‍රකාශ හරහා අපිට පේන්න තියෙන දේ තමයි එතුමා තාම පිළිගන්නේ නෑ සමාජ නියැදි කරන්න ඕනැයි කියන එක. ඉලක්කය ගන්නේ නැතුව හතර අතේ වෙඩි තියන්න කියලා අපි කියන්නෙත් නෑ. ඉලක්කයක් තියෙන්න ඕනේ.

ඒ නිසා අපි යෝජනා කරන්නේ මේ වගේ ප්‍රකාශ නිකුත් කර කර ඉන්නවාට වඩා මේ සඳහා ක්‍රමවේදයක් හදලා රටට ඉදිරිපත් කරන්න. ජනාධිපතිතුමාට ඉදිරිපත් කරන්න අපි අහඹු නියැදිවලට යන්නේ කොහොමද කියලා. අඩුම තරමේ මේ මොහොතෙදිවත් සමාජ නියැදි කරන්න ඕනේ කියන එක පිළිගන්න.

ඒක පිළිගන්නා තාක්කල් අපිට අනාගතයේදී නැවත පෑලියගොඩ පොකුරක් මතුවෙන එක, මිනුවන්ගොඩ වගේ පොකුරක් මතුවෙන එක, අනුරාධපුරයෙන් මතුවෙන එක, එහෙම නැත්නම් කුරුණෑගලින් මතුවෙන එක වළක්වන්න බෑ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *