පාස්කු ප්‍රහාරයට නායකත්වය දෙමින් මරා ගෙන මැරුණු ජාතික තවුහිද් ජමාද් නායක සහරාන් හෂීම්ගේ බිරිඳට කොරෝනා ආසාදිත බව අනාවරණය වී ඇත.
මේ නිසා ඈ අද (07) පොළොන්නරුව වැලිකන්ද කොවිඩ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත රැගෙන ආ බව වාර්තා වෙයි.
වැලිකඩ බන්ධනාගාරයේ සිටි 25 හැවිරිදි අබ්දුල් කාදර් ෆාතිමා හදියා හෙවත් සහරාන්ගේ බිරිඳ බන්ධනාගාර හා පොලිස් විශේෂ කාර්ය බලකායේ දැඩි ආරක්ෂාව සහිතව එහි රැගෙන ගොස් තිබේ.