නිරෝධායන නීති අකුරට පිළිපදින්න! අපි රවට්ටන්න හදන්න එපා! අවසානයේ රැවටෙන්නේ ඔබමයි! – ජයරුවන් බණ්ඩාර

November 6, 2020 at 8:04 am | by emanisa.lk

ලොව පළමු කොවිඩ් රෝගියා හමු වී මෙම මස 27 වැනි දිනට වසරක් ගත වුව ද මෙතෙක් ඒ සඳහා කිසිදු ඖෂධයක් හෝ එන්නතක් සොය ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පවසයි.

එහෙත් ලොව අනෙකුත් රටවල් කොවිඩ් සමග ඉදිරියට ගමන් කරන බව ඔහු පෙන්වා දෙයි‍.

“විදෙස් රටවල ජනතාව කොවිඩ් සමග සටන් කරන්නේ මැජික් එකකින් නෙමෙයි. තමන්ට වෛරසය ආසාදනය නොවී තියෙන්න නම් සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න.

නිරෝධායන නීති කඩමින් පොලිසිය හෝ සෞඛ්‍ය අංශ රවට්ටන්න උත්සාහ කරන්න එපා. අවසානයේ ඔබමයි රැවටෙන්නේ.

ඔබට දිනපතා පෙන්වා දෙන නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න. ගෙදර යන කොට කොවිඩ් අරන් යන්න එපා. කොවිඩ් එක්ක අපිට ජීවත් වෙන්න පුළුවන්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස