අද (05) කොරෝනා ආසාදිතයන් 765 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
මෙම සංඛ්‍යාව මෙතෙක් දිනක් ඇතුළත සුවපත් වූ වැඩිම පිරිස ය. මෙයට පෙර පසුගිය 01 වෙනිදා 506 දෙනෙකු පූර්ණ සුවය ලැබූ බව වාර්තා විය.
මේ වන විට මෙ රට සුවපත් කොරෝනා ආසාදිතයන් පිරිස 6623කි. දිවයින පුරා කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ රෝහල් 5440ක් තව දුරටත් ප්‍රතිකාර ලබති.
මේ වන විට මෙ රට කොරෝනා ආසාදිත සම්පූර්ණ පිරිස 12127ක් වන අතර තව දුරටත් රෝගී පිරිසට වඩා සුවපත් පිරිස ඉහළ අගයක් ගැනීම විශේෂත්වයකි.