මදූෂ් මරලා අපරාධකාරයෝ පා ගමනින් පළා යාම පිළිගන්න බෑ! – නීතීඥ ගුණරත්න වන්නිනායක

October 23, 2020 at 2:28 pm | by emanisa.lk

මාකඳුරේ මදූෂ්ට සාධාරණ නඩු විභාගයක් නො ලැබුණු බව නීතීඥ ගුණරත්න වන්නිනායක පවසයි.

මදූෂ් මරා දැමුවේ පොලිසිය බව සාමාන්‍ය ජනතාවගේ මතය බවත් එ ලෙස පොලිසියට මදූෂ් මරා දැමීමට කිසිදු අයිතියක් නොමැති බවත් ඔහු අවධාරණය කළේය.

ඔහු අපරාධකරුවෙකු විය හැකි බවත් ඔහුට ද නීතිය හමුවට පැමිණ යුක්තිය ඉල්ලා සිටීමේ අයිතියක් ඇති බවත් හෙතෙම සඳහන් කරයි.

ප්‍රබල ගණයේ අපරාධකරුවෙකු පොලිස් නිලධාරීන් හය දෙනෙකු සමග එළියට රැගෙන යාම මෙන් ම නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු මදූෂ් මරා දමා බයිසිකලය ද අතහැර නිරුපද්‍රිතව පයින් යාම පිළිගත නොහැකි බව ද ගුණරත්න වන්නිනායක පෙන්වා දුන්නේය.

අපරාධකරුවන් බේරීම නොව ඔහුට යුක්තිය ඉටු කිරීම නීතීඥයින්ගේ වගකීම බව ද ඔහු පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස