පසුගිය සමයේ ආණ්ඩුව හැසිරුණේ මේ රටේ කොරෝනා වසංගත තත්ත්වය නොමැති ආකාරයට බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.
මේ රටේ නායකයන්ගේ උත්සව ගමන් බිමන් රූපවාහිනිය ඔස්සේ ප්‍රදර්ශනය වන අවස්ථාවේ ජනතාව තේරුම් ගත්තේ කොරෝනා අවදානම රටෙන් තුරන් වී ඇති බව යැයි ද ඔහු චෝදනා කළේය.
ආණ්ඩුවේ එම මෝඩ ගොං තකතීරු හැසිරීම නිසා ජනතාව තුළ කොරෝනා වසංගතය පිළිබඳ පැවති අවධානය අඩු වූ බවත් අද වන විට මිනුවන්ගොඩ ඇතුළු තැන් තැන්වල පොකුරු පිටින් රෝගීන් මතු වන්නේ ඒ නිසා බවත් හෙතෙම පෙන්වා දෙයි.
මාධ්‍ය හමුවකට එකතු වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.