චීන මිතුරා නැවතත් ලංකාවේ පිහිටට! රු. බිලියන 16.5ක ප්‍රදානයක්!

October 11, 2020 at 6:17 pm | by emanisa.lk

චීන රජය ශ්‍රී ලංකාවට රු. බිලියන 16.5ක ප්‍රදානයක් ලබා දීමට පසුගියදා අත්සන් කළ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

චීන ජාත්‍යන්තර සංවර්ධන ඒකකයේ ප්‍රධානී වැං සියටාවෝ සහ මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල මෙම ගිවිසුම සඳහා අත්සන් කර තිබේ.

මෙය ණයක් නොවන ප්‍රදානයක් වන අතර කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, නෙළුම් පොකුණ, පොළොන්නරුව චීන-ශ්‍රී ලංකා මිත්‍රත්ව රෝහල ආදීය ද මෙලෙස චීනයෙන් ලැබුණු පරිත්‍යාග වෙයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස