ෆේස්බුක් ත්‍රස්තවාදීන් මඩින්න ජනපති චීන ආධාර පතයි! චීන උපකරණ සහ තාක්ෂණය රැගෙන විශේෂඥ කණ්ඩායමක් ළඟදීම ලංකාවට!

May 14, 2019 at 8:57 pm | by admin

ත‍්‍රස්තවාදය ශ‍්‍රී ලංකාවෙන් මුලිනුපුටා දමා ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට ශ‍්‍රී ලංකාවට ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදෙන බව චීන ජනාධිපති ෂි ජින්පින් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සහතික වෙයි.

චීනයේ නිල සංචාරයක නිරත ජනාධිපතිවරයා සහ චීන ජනාධිපතිවරයා අතර නිල හමුව අද (14) පස්වරුවේ චීන ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.

ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේ අන්තර්ජාල සහ සමාජ වෙබ් අඩවි හරහා අසත්‍ය ප‍්‍රචාර පතුරවමින් ත‍්‍රස්තවාදය වපුරන පිරිස් සහ අපරාධ සිදු කරන්නන් හඳුනා ගැනීමටත්, එම අපරාධ වළක්වා ගැනීම සඳහාත් අවශ්‍ය තාක්ෂණික උපකරණ සහ දැනුම ශ්‍රී ලංකාවට නොමැති බවය.

එම උපකරණ සහ තාක්ෂණය ශ‍්‍රී ලංකාවට ලබාගැනීම සඳහා කඩිනම් සහය ලබාදීමට මෙහිදී එකඟතව පළ කළ චීන ජනාධිපතිවරයා ඒ පිළිබඳ සොයා බැලීමට චීන තාක්ෂණික කණ්ඩායමක් ශ‍්‍රී ලංකාවට එවීමට කටයුතු කරන බව ද කියා සිටියේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *