නවෝත්පාදන අංශයෙන් ලොව ඉහළින්ම සිටින රටක් බිහි කිරීමට හැකි පරිසරයක් මෙරට තුළ නිර්මාණය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසය.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ ඊයේ (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.
දේශීය සහ ලෝක වෙළෙඳපොළේ ඇති ඉල්ලුමට සරිලන පරිදි අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුත් ”සුහුරු තාක්ෂණවේදීන්” නිර්මාණය කිරීම ප්රමුඛ අවශ්‍යතාවක් බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.
සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ හෝ සමත්, අසමත් සියලු දෙනාටම තාක්ෂණවේදය සහ වෘත්තීය අධ්‍යපනය දීමේ වැඩපිළිවෙළ කෙටි කාලයකදී ඇරඹීමේ ඇති අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එහිදී අවධාරණය කර තිබේ.
ආර්ථිකයට ගැළපෙන අයුරින් තරුණ පරපුර අධ්‍යාපනයට යොමු කිරීමේ වැදගත්කම පැහැදිළි කළ ජනාධිපතිවරයා කලා විෂයන් හැදෑරූ සිසුන්ට තොරතුරු තාක්ෂණය, හෙද සහ කළමනාකරණය ඇතුළු ක්ෂේත්‍ර රැසකින් හැකියාවන් වර්ධනය කර ගත හැකි බව ද සඳහන් කළේය.
පර්යේෂණ දිරි ගැන්වීමට රජයක් ලෙස සෑම සහයක්ම දෙන බව ද ජනාධිපතිවරයා එහිදී පැවසුවේය.
එම සාකච්ඡාවට එක්වූ නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොළ සඳහන් කළේ, නවෝත්පාදන කි‍්‍රයාවලියට සහයවීමට උපදෙස් හා සේවාවන් සැපයීම එකම ආයතනයක් යටතට ගෙන එන බවයි.
ග්‍රහලෝකාගාරය වර්තමානයට ගැළපෙන අයුරින් නවීකරණය කිරීමටත්, නැනෝ තාක්ෂන ආයතනය සහ බයෝ තාක්ෂණ උද්‍යානය එකම පරිශ්රයක ස්ථාපනයටත් පියවර ගැනීමේ අවශ්‍යතාව එහිදී සාකච්ඡාවට ලක් කර තිබෙනවා.
උසස් අධ්‍යාපන පනත සංශෝධනයෙන් ආයතනික සහ විෂය නිර්දේශ සම්බන්ධයෙන් පවතින ගැටළු රැසකට විසඳුම් දිය හැකි බව විශේෂඥයෝ එහිදී පෙන්වා දුන්හ.