ප්රජාතන්ත්රවාදය යනු බහුතරයේ කැමැත්ත ම නොවන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසයි.
බහුතරයේ කැමැත්ත සුළුතරයට අගතියක් නොවන ආකාරයට ක්‍රියාත්මක කරවීම ප්රජාතන්ත්රවාදය බව ඔහුගේ මතයයි.
සුළුතරයේ අදහස්වලට සවන් දෙන ඔවුන්ගේ අදහස් දැරීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින ජනතාවක් රටට උවමනා බව ද ඔහු සඳහන් කළේය.
3 වන ලෝකයේ රටවල විනාශයට මුල බහුතරයේ කැමැත්ත පරම සත්‍ය ලෙස පිළිගෙන ඒ මත හිඳගෙන රට පාලනය කිරීම බව ද මැතිවරණ කොමසාරිස්වරයා අවධාරණය කළේය.