පක්ෂයේ සාමුහික මතය විවේචනය කරන්න එපා! එය පක්ෂ විනය කඩකිරීමක්! – පොහොට්ටුවේ ලේකම්ගෙන් මන්ත්‍රීවරුන්ට ලිපියක්…

September 14, 2020 at 3:41 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දරන මතයට විරුද්ධව ප‍්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින්නැයි එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් විසින් පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට ලිපියක් යොමු කර තිබේ.

මාධ්‍ය වෙත අදහස් පල කිරීමේ දී පක්ෂයේ මහජන නියෝජිතයන් පක්ෂයේ පොදු මතය අනුව කටයුතු කළ යුතු බවත් පක්‍ෂයේ පිළිවෙතට විරුද්ධ නොවන ආකාරයට අදහස් පළ කළ යුතු බවත් එම ලිපියෙන් අවධාරණය කර ඇතැයි සඳහන්ය.

රජයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගන්නා තීරණ ගැන කැබිනට් මණ්ඩලය විසින් ජනතාව දැනුම්වත් කරන බවත් එම තීරණවලට පටහැනිව ප්‍රකාශ නිකුත් කිරීමත් මාධ්‍ය සාකච්ඡා පැවැත්වීමත් පක්ෂයට සහ රජයේ ඉදිරි ගමනට හානිදායක තත්ත්වයක් මතු වනු ඇතැයි ද ලිපියෙන් පෙන්වා දෙයි.

එවන් ප්‍රකාශ නිකුත් කිරීම පක්ෂයේ විනය කඩ කිරීමක් ලෙස සැලකිය යුතු බවත් එනිසා එවන් අදහස් පළ කිරීමෙන් වළකින්නැයි මන්ත්‍රීවරුන් දැනුම්වත් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස