20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ යුතු බව සමගි ජනබලවේගය සඳහන් කරයි.
එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක කියා සිටියේ ඒ සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය දැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය ලබාගත යුතු බවක් බවයි.
එමෙන්ම එම පනත් කෙටුම්පතේ ඇති කරුණු මහ ජනතාව හමුවේ කරුණු හෙළි කළ යුතු බවත් ඔහු කියා සිටියේය.
කෙසේ වුවද 20 වන සංශෝධනය සඳහා ජනමත විචාරණයක් උවමනා නැති බවත් පාර්ලිමේන්තුවේ 2/3ක බහුතර ඡන්දයෙන් සම්මත කර ගැනීම ප්‍රමාණවත් බවත් නීතිපතිවරයා අධිකරණ අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම් දී තිබිණි.