අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් මහනුවර අස්ගිරි මහා විහාර පිවිසුම් වාහල්කඩ ආරක්ෂිත ගේට්ටුවට ද දැඩි අලාභ හානි සිදුකරමින් අස්ගිරි විහාර පරිශ්රය තුළට කඩාවැදී තිබේ.
අස්ගිරි මහා විහාර ආරක්ෂක කටයුතු සඳහා අනුයුක්ත කොට සිටි හමුදා සෙබළෙකු ද එහිදී බරපතළ තුවාල ලැබ ඇත.
අද (30) දින පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් බරපතළ තුවාල ලැබූ යුද හමුදා සෙබලා මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරිණි.
අස්ගිරි විහාර පරිශ්රයේ නවතා තිබු සුඛෝපභෝගී මෝටර් රථයක ද අදාළ රථය ගැටී අදාළ රථය නැවතී තිබිණි.
අනතුර සිදු කළ රියදුරා මහනුවර මූලස්ථාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.