13 වන සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට තම පක්ෂය සහාය දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සඳහන් කරයි.
බන්ධනාගාරගතව සිටින අතරතුර අධිකරණයන් ලද අවසරය මත අද පාර්ලිමේන්තුවේ සමාරම්භක සැසියට සහභාගී වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් මන්ත්‍රී ධුරයක් ලබා ගනිමින් තේරී පත් වුවද තමන්ට පාර්ලිමේන්තුවට පැමිණීමට ඇති අයිතිය නීතිපතිවරයා විසින් අවහිර කරමින් සිටින බවද ඔහු පැවසීය.
එනිසා ඉදිරියේදී සෑම පාර්ලිමේන්තු වාරයක් සඳහාම සහභාගී වීමට අධිකරණ අනුමැතිය අවශ්‍ය යැයිද කියන බව ද ප්‍රායෝගිකව එය කළ නොහැකි බව ද ඔහු කියා සිටියේය.
වයස 16දී එල්ටීටීඊ සාමාජිකයෙක් වුවත් තමන් දැන් ප්රජාතන්ත්රවාදය වැළඳගෙන ඇති බව පැවසූ ඔහු රට සංවර්ධනය කිරීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂගේ උත්සාහයට සහය දෙන බව සඳහන් කළේය.
ටී.එම්.වී.පී. විපක්ෂය නියෝජනය කරමින් මඩකලපු දිස්ත්‍රික්කයෙන් මෙවට පාර්ලිමේන්තුවට තේරී පත්වූ පිල්ලයාන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් පසුගිය රජය සමයේ ලබාදුන් තීන්දුවක් මත මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතව සිටි. මෙම තීන්දුව දෙමළ ජාතික සන්ධානයේ බලපෑම මත ලබා දුන් බවට ද චෝදනා නැඟෙයි.