හිටපු කොටි නායක චන්ද්‍රකාන්තන්ටත් ඇමති ධුරයක්!

August 11, 2020 at 10:57 am | by emanisa.lk

කොටි සංවිධානයේ නැඟෙනහිර පළාත් හිටපු නායකයකු වන ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට නව රජයේ ඇමති ධුරයක් හිමි වන බව වාර්තා වෙයි.

හෙට (12) දිනයේ මහනුවර දළදා මාළිගා පරිශ්‍රයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ සිය ඇමති ධුරයේ දිවුරුම් දීම සඳහා චන්ද්‍රකාන්තන්ට ඇරයුම් කර තිබේ.

කොටි සංවිධානයේ කටයුතු කළ සමයේ චන්ද්‍රකාන්තන් හිටපු මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම් ඝාතන චෝදනාව මත පසුගිය ආණ්ඩුව සමයේ බන්ධනාගාරගත කර තිබේ.

බන්ධනාරගාරයේ සිටම මැතිවරණයට ඉදිරිපත් වූ චන්ද්‍රකාන්තන් තමා නායකත්වය දරන TMVP පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කළේය.

ඔහුට හිමි වන ඇමති ධුරය කුමක්ද යන්න පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැත. විනයාගමූර්ති මුරලිදරන් සමග කොටි සංවිධානයෙන් වෙන් වූ චන්ද්‍රකාන්තන් කොටි සංවිධානය පරාජය කිරීමට හමුදාව සමග එක්ව කටයුතු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *