මැති ඇමතිකම් ගැන නොසතුටු මැති ඇමති පිරිසට ජනපතිගෙන් ඇමතුම්!

August 16, 2020 at 5:51 pm | by emanisa.lk

තමන්ට ලැබුණ මැති ඇමැති තනතුරු ගැන අසතුටට පත් පිරිසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෞද්ගලිකවම දුරකථනයෙන් අමතා ඔවුන්ගේ විෂය කාර්යයන්හි වැදගත්කම අවබෝධ කර දී ඇත.

දයාසිරි ජයසේකර, ලොහාන් රත්වත්ත, රංජිත් සියඹලාපිටිය, විජයදාස රාජපක්ෂ ඇතුළු කිහිපදෙනකුට ජනාධිපතිවරයා මෙලෙස දුරකථන ඇමතුම් ලබාදුන් බව සඳහන්ය.

විෂය කාර්යයන් නිශ්චිතව දක්වා ඇත්තේ ඒවාට සම්බන්ධ ප්‍රජාවට ද අමාත්‍යංශය පිළිබඳ අවබෝධයක් ලබාදීමේ අරමුණින් බවත් එම අමාත්‍යංශවලින් බොහෝ නිර්මාණාත්මක කාර්යයන් ඉටු කළ හැකි බවත් ජනාධිපතිවරයා එම මැති ඇමැතිවරුන්ට දැනුම් දී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස