අලුත් නායකයෙක් ගැන සාකච්ඡා කරන්න කීවා මිස රනිල් ඉවත් වුණේ නෑ! – එජාපය

August 11, 2020 at 5:45 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයට නව නායකත්වයක අවශ්‍යතාවක් ඇති බවත් ඒ සම්බන්ධයෙන් අදාළ කණ්ඩායම් සමග සාකච්ජා කොට මීළඟ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී දැනුම් දෙන ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ දැනුම් දී තිබේ.

ඒ සම්බ්න්ධව මාධ්‍ය වෙත දැනුවත් කරමින් එක්සත් ජාතික පක්ෂයක් නිවේදනයක් ද නිකුත් කර තිබේ.

කෙසේ වෙතත් ඊයේ පැවති විශේෂ රැස්වීමෙන් පසු පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට රනිල් වික්‍රමසිංහ තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකීල විරාජ් කාරියවසම් මෙයට පෙර සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස